යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට උපරිම ප්‍රතිලාභ

(කොළඹ, ලංකාපුවත්) – “Friends of Sri Lanka Group” හි සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත යුරෝපා පාර්ලිමේන්තු සාමාජික දෙදෙනකු වන ලෝඩ් විලියම් ඩාර්ට්මවුත් සහ ජෙෆරි වැන් ඕර්ඩ්න් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමු විය.

මෙම හමුවේ දී පොදු ගැටළු පිළිබඳ දෙපාර්ශවයේ දැක්ම හුවමාරු කර ගත් අතර යුරෝපා සංගමයේ ජී.එස්. පී සහනය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභ උපරිමයෙන් හිමි වන පරිදි ද්වීපාර්ශවීය වෙළෙඳ සහ සංචාරක සබඳතා වැඩි දියුණු කිරීමට එකඟ විය.

මේ අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, මහභාණ්ඩාගාර සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =