ඇමති චම්පිකට ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – ඇමති පාඨලී චම්පිකගේ සංකල්පයකට අනුව වෝටර්ස් ඒජ් හෝටලයේ නිර්මාණය වූ ෆිෆ්ටි කේ ‍ඕකිඩ් නව සුපිරි අවහන්හල ජනවාරි 01වෙනිදා විවෘත විය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ස්වභාව සෙ‍ෟන්දර්යයෙන් අනූන මෙම සුපිරි අවහන්හල පර්චස් 80 ක් පුරා විහිදී ඇති අතර ඕකිඩ් පැල 50,000 ක් වගා කර තිබීම ද විශේෂත්වයකි. වීදුරු මැදිරි තුළ පිරිනැමෙන සුපිරි ආහාර පාන අත්දැකීම ද මෙහිදී විඳ ගැනීමට හැකිය.

මෙය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමති චම්පික රණවක, ඇමති මංගල සමරවීර, ඇමති රාජිත සේනාරත්න යන මැති ඇමතිවරුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. මේ සඳහා ලංකාවේ ප්‍රධාන පෙ‍ළේ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා, ඩබ්.කේ.එස්. වෑගපිටිය, අශෝක පතිරගේ, සුමල් පෙරේරා, අස්ගි අක්බර් අලී, රාසි පෙස්තන්ජි යන මහත්වරුන් එක්ව සිටියේ ය. පැය දෙකහාමාරක පමණ විශේෂ සාකච්ඡාවක් එම ව්‍යාපාරිකයින් සහ අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන් අතර පැවැති අතර දේශපාලන වාතාවරණය, ව්‍යාපාරික කටයුතු පිළිබඳව මෙහිදී සුහදව අදහස් හුවමාරු විය.

ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ මෙම සුන්දර අවන්හල නිර්මාණය කිරීම වෙනුවෙන් ඇමති චම්පිකට සිය ප්‍රසාදය ව්‍යාපාරිකයින් විසින් පළකළ අතර චම්පික හැමදාම කරන්නේ අලුත් වැඩ යැයි අගමැති රනිල් ද ඊට අදහස් එක් කළේ ය.

පැය දෙකහාමාරක කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම අවහන්හලේ උද්‍යානයේ සිරි අසිරි නැරඹීමට ද අගමැතිවරයා, අමාත්‍යවරුන්, ව්‍යාපාරිකයින් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *