දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන ගැටළුව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය පෙර පරිදිම සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් හා නියාමකවරුන් අතර පාර්සල් ප්‍රවාහනයේ දී ඇතිවී තිබූ රාජකාරිමය මතභේදය අවසන් බවයි. දින කිහිපයක සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා නියාමකවරුන් අතර මෙම මතභේදය හටගැනිණ.

එය විසඳන ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ අනූව, පැවති සාකච්ජාවල දී දෙපිරිසම සිය මතභේද අවසන් කර කිසිඳු බාධාවකින් තොරව පාර්සල් ප්‍රවාහන කිරීමට එකඟ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *