නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා හමු වූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *