කෂොගි ඝාතන නඩු විභාගය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොගි ‍ගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකොලොස් දෙනකුට එරෙහිව රියාද් නුවර දී නඩු විභාගය ආරම්භ වූ බව එරට රාජ්‍ය මාධ්‍ය අනාවරණය කරයි. එහි චූදිතයින් පස් දෙනකුට මරණ දඬුවම පමුණුවන ලෙස පැමිණිලි පාර්ශවය ඉල්ලා සිටියි.

මෙම සිදුවීමට සම්බන්ධ සාක්ෂි තිබේ නම් ලබා දෙන ලෙස තූර්කිය වෙත නව ලිපියක් යොමු කරමින් සෞදි අරාබිය ඉල්ලා සිටියි. මොහොමඩ් බින් සල්මාන් කුමරු ගේ නමට ද ‍කෂෝගි ඝාතනය කළු පැල්ලමක් එක් කර තිබේ. සල්මාන් කුමරුගේ නියෝගයකට අනුව මෙම ඝාතනය සිදු වූ බවට ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කළේය. එහෙත් සෞදි අරාබිය ප්‍රකාශ කළේ එම චෝදනාව පදනම් විරහිත බවයි. සෞදි රජය චෝදනා කළේ, කෂෝගී ඝාතනය “ව්‍යාජ නියෝජිතයින්” පිරිසකගේ ක්‍රියාවක් බවටය. මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය “ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම” ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට ඉහතදී හඳුන්වා දෙනු ලැබ තිබිණි.

ඔක්තෝබර් 02 වෙනිදා කෂෝගි ඝාතනයට ලක් වූයේ, තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදීය.

කෂෝගි සේවය කළ ‘ද වොෂිංටන් පොස්ට්’ කියා සිටින්නේ ඇමරිකාවේ සිටින සෞදි තානාපති ඔටුන්න හිමි කුමරුගේ සහෝදර ඛලීද් බින් සල්මාන් කුමරු විසින් ගන්නා ලද දුරකතන ඇමතුමක් CIA තක්සේරුවට අඩ වශයෙන් පදනම් වී ඇති බවය.

සිය සහෝදරයාගේ මග පෙන්වීම යටතේ ඛලීද් කුමරු කෂෝගි වෙත දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති බවත් ඔහුට ආරක්ෂා සහිතව කොන්සල් කාර්යාලය වෙත යා හැකි බවට ඛලීද් කුමරු එහිදී සහතික වී ඇති බවත් පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *