නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ව්‍යවස්ථා සභාවට

(කොළඹ, ලංකාපුවත්) –යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කෙරේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාවට මෙම කෙටුම්පත ඉදිරිපත් කරන්නේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.

නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමින් යෝජනා සහ නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන ලදි. දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමයි සැලසුමවී තිබේ.

නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවයට සහ බුදු දහමට තිබෙන ස්ථානය ඒ ආකාරයෙන්ම රැකිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ ව්‍යවස්ථාදායක සභාවට යෝජනා ඉදිරිපත් කර ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පාර්ලිමේන්තු බලතල වැඩි කිරීම ඇතුලු යෝජනා රැසක් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුලත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 16 =