නිදහස් පක්‍ෂයේ මහලේකම් ධුරයට දයාසිරි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට ඊයේ (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළඹුණි.

මීට පෙර එම ධූරයේ කටයුතු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි.

ධුරයෙන් ඉවත් වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයෙකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + fifteen =