මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගැනෙයි

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදුවන බව කථානායක කරු ජයසුරිය මහතා අද (04) පැවති පක්ෂ නායකයන්ගේ රැස්විමේදි දැනුම් දී තිබේ.

පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව අධිකරණය ලබාදෙන තීන්දුව අනූව විසඳාගත යුතු බවත්, ඒ අනූව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවටත් අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ජා වී ඇතැයි වාර්තා වේ.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාවද පිළිගැනීමට සිදුවන බවද ප්‍රකාශ කර ඇත.

2019 වර්ෂයට සඳහා අයවැය විසර්ජන කෙටුම්පත මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවත් අවසන් ඡන්ද විමසිම අප්‍රේල් මස අවසන් සතියේ පැවැත්විමටද මෙහිදි තීරණය වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *