මාතර – කතරගම දුම්රිය ගමනේ ඉදිකිරීම් අවසන් අදියරේ

(කොළඹ, ලංකාපුවත්) – මාතර – කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

මෙහි ඉදිකිරීම් චීන සමාගමක් විසින් සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියට අලුතින්ම එකතුවන දුම්රිය මාර්ගය මෙයයි. එමෙන්ම, මෙරට යෝජිත පළමු දුම්රිය මාර්ගය මෙය වීම ද විශේෂත්වයකි. මෙම දුම්රිය මාර්ගයේ නාකුට්ටිය ප්‍රදේශයෙන් මීටර 606ක් පළල උමං මාර්ගයක් ද ඉදිකෙරේ.

එහි දිග කිලෝමීටර 26කි. එය මෙරට ඉදිවන දිගම උමං මාර්ගය ද වනු ඇත. මෙම සමස්ත ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 978කි. කැකුණාදුර, බඹරැන්ද සහ වැවුරුකන්නල යන ප්‍රදේශවල දුම්රිය නැවතුම් ස්ථාන ඉදිකෙරේ. ප්‍රතිපාදන චීන එක්සීම් බැංකුව මගින් සැපයනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *