ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

එහිදී පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරි සංගමය, වෘත්තීයවේදින්ගේ සංගමය ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ද හමු විය.

අනතුරුව එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒවායේ කටයුතු පිළිබඳව විමසා බලන ලදී.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප‍්‍රතිසංවිධානයට ලක් කරමින් ඒවායේ කි‍්‍රයාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබාගැනීමේ හැකියාව මෙහි දී සොයා බැලු ජනාධිපතිතුමා ශක්තිමත්, ජනතාවාදී පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු ද විධිමත්ව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරින් වෙත මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ඉසුර දේවපි‍්‍රය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරිකයෙකුගේ උපන්දින සැමරුම සඳහා ද ජනාධිපතිතුමා අහඹු ලෙස එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *