ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම හෙට

(කොළඹ, ලංකාපුවත්) –ති‍්‍රපිටකය ආරක්ෂා කිරිම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්නා බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

ඒ අනුව ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී හෙට(04) පැවැත්වේ.

නිර්මල බුදුදහම සුරක්ෂිත කොට ජාත්‍යන්තරයට රැගෙන යාම ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස පත්කිරීමෙන් ආරම්භ වන බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *