ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ රන් ආකරයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිස් දෙනෙක් මිය ගොස් ඇත.

අඩි 220ක් පමණ ගැඹුරු පතල, කොහිස්ථාන් ප‍්‍රදේශයේ ගංගා ඉවුරක් ආසන්නයේ තිබූ එකකි.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් නිෂ්චිතව හෙළිව නොමැත.

කෙසේවෙතත් ආරක්ෂක ක‍්‍රියාමාර්ග නොගැනීම සහ නඩත්තුව නිසි ලෙස නොතිබීම ඇෆ්ගනිස්ථානයේ පතල් අනතුරු ඉහළ යාමට ප‍්‍රධාන හේතුවකි. සිද්ධියෙන් තවත් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලබා තිබේ.

සහන කණ්ඩායම් ප‍්‍රදේශයට යොමුකර ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − four =