උතුරු කොරියාව සමඟ අමෙරිකාව තවත් සමුළුවකට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියාව සමග තවත් සමුළුවක් පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව මේ වන විට කතා බහ කරමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.‍

වොෂිංටනයේ දී වාර්තාකරුවන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ උතුරු කොරියාව සමග වඩාත් හොඳ සංවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු වන නමුත් පනවන ලද සම්බාධක එසේම පවතින බවයි.

තවත් සාකච්ඡා වටයක් සඳහා උතුරු කොරියානු නායකයා දැඩි ලෙස උනන්දු වන බවට සාක්ෂි සපයමින් පසු ගියදා ඔහු විසින් දකුණු කොරියානු ජනාධිපතිට සහ අමෙරිකානු ජනාධිපතිවරයාට ද ලිපි යවා තිබුණි. ඒ බව අනාවරණය කරමින් ට්‍රම්ප් පැවසුවේ නුදුරේදීම උතුරු කොරියානු නායකයාව හමු වීමට තමන් අපේක්ෂා කරන බවයි.

උතුරු කොරියාව සමඟ පැවැති සාකච්ඡා කල් දැමීමට කිසිදිනෙක අපේක්ෂා නොකළ බව මෙහිදී ට්‍රම්ප් විසින් අවධාරණය කළේය. කඩිනමින් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි හරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අමෙරිකාවේ අපේක්ෂාව බව ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *