තවත් ආණ්ඩුකාරවරුන් 04 ක් දිවුරුම් දීමට නියමිතයි

(කොළඹ, ලංකාපුවත්) –තවත් පළාත් සභා 04 ක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අද (07) දිනයේදි සිදු කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඉතිරිව පවතින දකුණ, සබරගමුව, ඌව සහ උතුර යන පළාත් සභා 04 සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දෙනු ඇති බව කියැවේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා මහතාද, සබරගමුව ආණ්ඩුකාර ලෙස නිලූකා ඒකනායක මහත්මියද, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතාද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී රැකව මහතාද මීට පෙර කටයුතු කළ අතර ජනාධිපතිවරයාගේ දැනුම්දීමක් මත ඔවුහු සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.

පළාත් සභා 05 කට නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් ඉකුත් සිකුරාදා දිනයේ පත් කරනු ලැබු අතර එම පළාත් 5ට ආණ්ඩුකාරවරුන් පත්කිරීමේදී හිටපු ආණ්ඩුකාරවරුන් කිසිවකුත් නැවත පත් නොකිරීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =