දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව (07) නිකුත් කල නිවේදනයේ සදහන් වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව පවසයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *