නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද(07) දිවුරුම් දෙනු ලැබුහ. ඒ අනුව ඌව, සබරගමුව සහ උතුරු පළාත වෙනුවෙන් මෙම නව පත් කිරීම් සිදු කර තිබේ.

නව ආණ්ඩුකාරවරුන් ලෙස ඌව පළාත සඳහා කිර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ උතුරු පළාත සඳහා ආචාර්ය සුරේන් රාගවන් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

පසුගිය සිකුරාදා දිනයේදී බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *