ජනපති මෛත්‍රී සිවු වසර පූර්ණයට ආසිරි පතා පිරිත් දේශනා

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව මෙම ජනවාරි 08 වනදාට සිවු වසරකි.

ඒ නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පතා සංවිධාන කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් අද (07) රැය පහන්වනතුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයකි.

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධාන කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *