මැලේසියා රජු විවාහය නිසා කිරුළ අතහරී

(කොළඹ, ලංකාපුවත්) –මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහමද් රජු අනපේක්ෂිත ලෙස කිරුළ අතහැරි බව වාර්තා වේ.

වසර 60කට පෙර මැලේසියාව එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගත් අතර එතැන් සිට මේ දක්වා කිසිවකු මෙලෙසින් රජ කිරුළ අතැර ගොස් නැත. මෙම සිදුවීමට හේතුව කුමක්දැයි මෙතෙක් රජ මාලිගය නිවේදනය කර නැති නමුත් ඔහු රුසියානු තරුණියක හා විවාහ වීම හේතුවෙන් මෙම තීරණය ගන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය නොවැම්බරයේ ඔහු වෛද්‍ය නිවාඩු ලබා සිටි අතර එම මාසය අවසානයේ දී ඔහු මොස්කව් රූ රැජිණක් සමග රුසියානු අගනුවර දී විවාහ වූ බවට ඡායාරූප ප්‍රසිද්ධියට පත් විය.

25 හැවිරිදි ඔක්සානා වොයෙවොදිනා නම් වන ඇය සමග විවාහ වූ සුල්තාන් මුහමද් රජුගේ වයස අවුරුදු 49ක් බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි.

මේ අතර රජු විවාහ වූ බව තහවුරු කළ නොහැකි බව මැලේසියානු අගමැති මහතීර් මොහොමද් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *