නව වසරේ තරුණ සේවා පාඨමාලා ආරම්භ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වනු ලබන පූර්ණකාලීන වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා 2019 වසරේ බඳවාගත් පළමු කණ්ඩායමේ නවක සිසු සිසුවියන් සඳහා පාඨමාලා ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන ඊයේ (07) ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පුහුණු පාඨමාලා සඳහා සහභාගීවන සිසු සිසුවියන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගීවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *