බණ්ඩාරනායක ජන්ම දින සැමරුම ගාලුමුවදොර දී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම ආසියාවේ රිදී සීනුව විරුදාවලිය ලද දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120වැනි ජන්ම දින සැමරුම අද (08) පෙරවරුවේ ගාලූමුවදොර බණ්ඩාරනායක ප්‍රතිමාව අභියස දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිට දී මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

මේ අවස්ථාවට බණ්ඩාරනායක පවුලේ ඥාතීන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + thirteen =