යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර, යටිනුවර වීදියේ පස්මහල් සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් සිව් දෙනෙක් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ගින්නෙන්, වෙළෙඳසැල් 20ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාර්තා වේ.

අද පෙරවරු 7.20ට පමණ ගින්න හටගෙන තිබේ. ඊට හේතුව මෙතෙක් හෙළි වී නැත. නගර මධ්‍යයේ පිහිටි විශාල සාප්පු සංකීර්ණයක් වන එහි පස්වැනි මහලේ පවුලක් පදිංචි වී සිටි බව සදහන් වේ.

ගින්න හටගත් අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. තුවාල ලබා ඇත්තේ, එම පවුලේ දරුවන් තිදෙනෙක් සහ කාන්තාවකි. යුද හමුදාව, පොලීසිය සහ නාවික හමුදාව, ක්ෂණික විහිදුම් බලකාය ගින්න මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කර ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *