ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමිටුව පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *