කිම් ජොන් උන් චීනයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයකට එක්ව තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයක් මත මෙලෙස උතුරු කොරියා නායකයා චීනයේ සංචාරයක නිරත වන බව උතුරු කොරියා සහ චීන මාධ්‍ය වාර්තා කර ඇත.

උතුරු කොරියා නායකයා ඔහුගේ බිරිද වන රී සොල් ජූ ද සංචාරයට එක්ව තිබේ.

ඔහු ජනවාරි 10 වනදා දක්වා චීනයේ සංචාරය කරනු ඇතැයි සදහන් වේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා අතර දෙවන සමුළුව පැවැත්වීම සදහා සාකච්ඡා කෙරෙන අවස්ථාවේදී මෙලෙස උතුරු කොරියා නායකයා චීනයට පැමිණීම විශේෂත්වයක් වේ. පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට ප්‍රථමද කිම් ජොන් උන් චීන ජනාධිපතිවරයා හමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *