නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජය ගනියි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තෙවන හා අවසන් එක්දින තරගය ලකුණූ 115 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 365 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණූ 249 ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 3-0 ලෙස විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට උදාකර දුනි. ඒ අනූව, පිටියට පිවිසි මාර්ටින් ගප්ටිල් සහ කොලින් මන්රෝගේ කඩුල්ල ලකුණු 31ක් තුල දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

එසේ වුවද, තෙවැනි කඩුල්ල සඳහා පිටියට පිවිසි නායක කේම් විලියම්සන් සහ රොස් ටේලර් එක්ව 116ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ස්ථාවර ලකුණු මට්ටමක් කරා ගෙන එනු ලැබිණ. ලකුණු 55ක් රැස්කරගෙන සිටි නායක කේම් විලියම්සන්, ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට ධනංජය සිල්වා වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි හෙන්ඩ්‍රි නිකල්ස්, රොස් ටේලර් සමග එක්ව විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 153ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. ඒ අනූව ලකුණු 137ක් රොස් ටේලර් විසින් අද දිනයේ දී රැස්කළ අතර එය ඔහුගේ 20 වැනි එක්දින ශතකයක ද වේ. හෙන්ඩ්‍රි නිකල්ස් නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනූව, නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 364ක් රැස්කර ගත්තේය. ලකුණු 364ක ජයග්‍රාහී ඉලක්කක් හඹා යමින් ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල හා ධනංජය සිල්වා අතර ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 66ක සබඳතාවක් ගොඩ නැංවිණ. ලකුණු 36ක් ලබා සිටි ධනංජය සිල්වා දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් ඉදිරි පාදයේ වැදීමෙනි.

අද දිනයේ ද විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් තිසර පෙරේරා පන්දු 63ක් තුළ ලකුණු 80ක් ලබා ගැනීමට හැකිවුව ද සෙසු පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ද පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 4ක් තුළ ලකුණු 249ක් රැස්කිරීමට සමත් වූයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *