මන්නාරම මිනීවලේ සීමා පුළුල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම සතොස සමූහ මිනී වලේ වපසරිය විශාල කොට එහි කැණීම් කටයුතු ආරම්භ කිරීමත් සමගම එකමත එක සිටින සේ තිබු අස්ථී කොටස් මේ වන විට 6ක් හමුවූ ඇත.

ඊයේ (07) සවස් වන විට මෙම සමූහ මිනී වලේ කැනීම් කටයුතුවලට දින 125ක් ගත වී ඇති බව මන්නාරම සමුහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ලැබෙන අස්ථි කොටස් මත සමූහ මිනිවල පැවති සීමාව පුළුල් කිරීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

මන්නාරම සමුහ මිනිවල තුළින් මිනිස් සිරුරු 284කට අයත් අස්ථි කොටස් මතුකරගෙන ඇති අතර ඉන් මිනිස් සිරුරු 279කට අයත් අස්ථි කොටස් ක්‍රමානුකූලව ඉවත් කරගෙන තිබේ.

ගොඩගත් අස්ථි කොටස් මන්නාරම අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති අතර එම අස්ථි කොටස් සාම්පල අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි කාබන් පරීක්ෂණ රසායනාගාරයක් වෙත යොමුකිරීමට නියමිතයෙ.

එම අස්ථි කොටස් සාම්පල මෙම මස 23 හෝ ඊට ආසන්න දිනකදී රැගෙන යාමට බාලාපොරොත්තු වන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *