(කොළඹ, ලංකාපුවත්) – මහා වජිරලොන්කොර්න් රජු තායිලන්තයේ රජු ලෙස කිරුළු පැළඳීමේ නිල උත්සවය මැයි මාසයේ දී පැවැත්වෙන වෙන බව තායිලන්ත රජ මාලිගය නිවේදනය කරයි.
ඒ අනුව මැයි 04 වැනි දා සිට 06 වැනි දා දක්වා කාලය තායිලන්තය උත්සව සමයක් බවට පත් වනු ඇත.
66 හැවිරිදි මහා වජිරලොන්කොර්න්ට රජකම හිමි වන්නේ 2016 වසරේ දී ඔහුගේ පියා මිය යාමෙන් අනතුරුවය.
රජ මාලිගයේ නිවේදනයට අනුව මැයි 03 වැනි දා ඔහුගේ රජ කිරුළ නිල වශයෙන් පළඳවනු ලැබේ.
ඒ පිළිබඳ සැමරුම් සංදර්ශන පෙළපාලිය 05 වැනි දා ද , රාජකීය හා විදේශ අමුත්තන් හමුව මැයි 06 වැනි දා ද පැවැත්වීමට නියමිතය.