ලග්ගල නව හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද – කළුගග ව්‍යාපෘතයෙන් කථගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගග ජලාශයට නුදුරු ව ඉදි කළ නව ලග්ගල නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

මොරගහකන්ද – කළුගග ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කථගග ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදිකර තිබේ.
අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිඛෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =