උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය නිමයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග නුදුරේදීම දෙවැනි වටයේ සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් ගේ අනපේක්ෂිත චීන සංචාරය නිමාවට පත් වෙයි.

චීන ජනාධිපති ෂි ජින්පින්ග් පවසන්නේ නායකයින් දෙදෙනාගේ හමුව මේ වන විටත් අඩකටත් වැඩි ප්‍රමාණයකින් සංවිධානය කර අවසන් බවට විශ්වාස කරන බවයි. චීනය” උතුරු කොරියාවේ ප්‍රධාන මිතුරා මෙන්ම ප්‍රමුඛතම වෙළෙඳ සහයකයා ද වේ.

කිම්- ට්‍රම්ප් දෙපළ පසු ගිය ජූනි මාසයේ දී පළමු වරට මුණ ගැසුණ අතර න්‍යෂටික අවි හරණය පිළිබඳව කාරණයේ දී මීලඟ පියවර ඇණ හිට පැවතින. සමුළු පවත්වා, ප්‍රතිඵල අත්පත් කර ගැනීමටත් සංවාදය තුළින් ‍දෙපාර්ශවයටම ගෞරවණීය විසඳුම් මාර්ග වලට අවතීර්ණ වීමටත් චීනයේ සහාය හිමි වන බව ජනාධිපති ෂි ජින්පින්ග් ප්‍රකාශ කළේය.

සාමය ස්ථාපනය කිරීම සඳහාත් න්‍යෂටික අවිහරණය සඳහාත් චීනය ධනාත්මක හා සැලකිය යුතු මැදිහත් වීමක් සිදු කිරීමට කැමැති බවද ඔහු පවසයි.

චීනයට පැමිණි කිම් සහ ඔහුගේ බිරිඳ රි සොල්-ජු චීන ජනාධිපති යුවළ විසින් පිළිගන්නා ලද අතර අනතුරුව කලා ප්‍රසංගයකට සහභාගි විය. සිය 35 වැනි උපන් දිනය වෙනුවෙන් උතුරු කොරියානු නායකයා ගේ චීන සංචාරය සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *