වනසතුන් නිසා වාර්ෂිකව 40%ක වගා හානියක්

(කොළඹ, ලංකාපුවත්) – වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් විද්වත් අධ්‍යයනයක් සිදුකර ඇත.

මේ වන විට අප රටේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40% බව තහවුරු වී තිබේ එම නිසා වනසතුන් කලමනාකරණයට හා බෝග හානිය වලක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇත.

2016 දී ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වනසතුන්ගෙන් බෝග වගාවට වන හානිය එහි සමස්ත අස්වැන්නෙන් 10%ක් බව සිදුකල අධ්‍යනයේදී හෙලිවී ඇත. ඒ අනුව මුංඇට වගාවෙන් 15%ක්ද ඉරිඟු වගාවෙන් 8%ක් රට කජු වගාවෙන් 9%ක් සහ උක් වගාවෙන් 9%ක අස්වනු හානියක් වන සතුන් ගෙන් සිදුවී ඇතැයි; තහවුරුවී තිබේ.

2017 දී යල සහ මහා කන්නවල අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී කොට්ඨාස 46 ක සිදුකල අධයනයකින් අස්වනු හානිය බඩඉරිඟු 22%,වී 15%,රටකජු 23%,කුරක්කන් 41%,කවුපි 39%,අඹ 41% ලෙස වගා හානි සිදුවී ඇතැයි වාර්තා වී ඇත.

මෙහිදී වගාවන්ට හානිකරන්නන් ලෙස වල් ඌරන්,රිලවුන්,මොණරුන්,දඬුලේනුන්,වල් අලින් සහ ඉත්තෑවන්ගෙන් වන හානිය අවම කර ගැනීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග හදුන්වා දීමට යෝජනා වි තිබේ.

ගොවීන් විසින් සතුන්ගෙන් සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා වායු රයිෆල් මෙන්ම පතුරම් තුවක්කු ද ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇතත්,මේ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවදානය යොමු කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ යටතේ විදුලිවැට ඉදිකිරිම්,නව හදුන්වාදීම් සඳහා පර්යේෂන දිරිගැන්විම්,නිවරදි වගාක්‍රම අනුගමනය,සත්ව ආහාර සඳහා ඉවහල් වන ශාක සිටුවීම,වන සතුන් විකර්ශක ශාක සිටුවීම වැනි විකල්ප අදහස් යෝජනා විය.

පසුගිය වසර කිහිපය තුළ වන සතුන්ගෙන් වන හානිය හේතුවෙන් පලතුරු බෝග වගාවේ හැරෙන්නට සෙසු ආහාර බෝග වගාවන් මඟින් දළ දේශිය නිෂ්පාදනයට ලබාදෙන දායකත්වය අවම වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *