ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවූ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ කැන්බර්, මෙල්බර්න් සහ සිඩ්නි නගර වල පිහිටි තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවීම සම්බන්ධයෙන් පුද්ගලයකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට අනුව අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා විසින් පාර්සල් 38ක් මෙලෙසින් යවා ඇත.

එම ස්ථානයන්හි කාර්ය මණ්ඩලය විසින් සැක කටයුතු පාර්සල් පිළිබඳව දැන්වීමෙන් පසු හදිසි සේවා කණ්ඩායම් වහාම යොමු කිරීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කළ අතර සමහර පාර්සල් ඇස්බැස්ටස් බවට ලේබල් කර තිබූ බව එහිදී අනාවරණය කෙරිණ.

කෙසේ වුවත් එම පාර්සල් වල අඩංගු දෑ හඳුනා ගනිමින් පවතියි. කාර්ය මණ්ඩලයේ කිසිවකුට ඒවායින්
අනතුරක් වූ බවට වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *