ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) – තෝරාගත් අවදානම් කලාප කිහිපයක අද (10) සහ හෙට(11) දෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත.

ඒ අනුව බස්නාහිර පළාත, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පාසල්, වැඩබිම්, කර්මාන්තශාලා, ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර රැසක මෙහෙයුම් සිදුකර මදුරුවන් බෝවිය හැකි පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ව වාර්තාවිමේ කාලීන ඉහළයාමක් පෙන්නුම් කරන බැවින් මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *