ලොව ධනවතා දික්කසාදයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස් සහ ඔහුගේ බිරිඳ මැක්කෙන්සී වසර 25ක විවාහ ජීවිතයට සමු දෙමින් දික්කසාද වීමට තීරණය කරයි.

ඔවුන් මේ බව නිවේදනය කර ඇත්තේ ඒකාබද්ධ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජෙෆ් – මැක් ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ දික්කසාද වීමෙන් අනතුරුව මිතුරන් ලෙස සිටීමට ඔවුන් දෙපළ තීරණය කළ බවයි.

වසර 25කට පෙර පිහිටුවනු ලැබූ ඇමසන් ලොව වඩාත් වටිනාකමින් යුත් සමාගම බවට ලැයිස්තු ගත කෙරිණි.

ඇමසන් නිර්මාතෘ 54 හැවිරිසි බෙසොස් බ්ලූම්බර්ග් බිලියනයර් ලැයිස්තුවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වේ. ඔහුගේ ඇස්තමේන්තු ගත වත්කම ඩොලර් බිලියන 137ක් බවත් එය බිල් ගේට්ස් ගේ වත්කමට වඩා ඩොලර් බිලියන 45ක් ඉදිරියෙන් වන බවත් අනාවරණය කරයි.

ඔහුගේ බිරිඳ 48 හැවිරිදි මැක්කෙන්සී ලේඛිකාවක් වන අතර ටෙස්ටින් ඔෆ් ලූතර් ඔල්බ්‍රයිට් සහ ට්‍රැප්ස් ඇයගේ ප්‍රකට නවකතා වේ. 2013 වසරේ දී ඇය වෝග් සඟරාවට පවසා තිබුණේ ඇයට ජෙෆ් මුණ ගැසුණේ රැකියාවක් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයක දී බවයි.

ජෙෆ්- මැක් යුවළ පුතුන් සිව් දෙනකු ගේ සහ දරු කමට හදා ගනු ලබන දියණියක ගේ මව් පියන් වේ. ජෙෆ් බෙසොස් හිටපු ෆොක්ස් ටීවී ඉදිරිපත් කරන්නියක වූ ලොරේන් සැන්චෙස් සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව අමෙරිකානු මාධ්‍ය අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *