හමුදාව යටතේ තිබූ උතුරු-නැ‍ඟෙනහිර ඉඩම්වලින් 90%ක් නිදහස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු නැඟෙනහිර පළාත්වල යුද හමුදාව පරිහරණය කරනු ලැබූ මුළු ඉඩම් ප්‍රමාණය වූ අක්කර 8452384 ප්‍රමාණයකින් සියයට අනූවක් නිදහස් කර තිබේ.

ඒ අනුව 2009 වසර තුළ පරිහරණය කරන ලද රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 5818112 කි. 2018-11-25 දිනට නිදහස් කර ඇති අක්කර ප්‍රමාණය 4598097 ක් වන අතර ප්‍රතිශතයක් වශයෙන් සියයට 79 ක් වෙයි.

2009 වසර තුළ පරිහරණය කරන ලද පෞද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 2634272 කි. ඉන් අක්කර 23773.62 නිදහස් කර තිබේ. ප්‍රතිශතයක් වශයෙන් එම ප්‍රමාණය සියයට අනූවක් වෙයි. මේ අතර උතුරු පළාතේ රජයේ ඉඩම් තුළ යුද හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව උතුරු පළාතේ පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් පිහිටි ඉඩම අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට පියවරගෙන තිබේ.

ඒ අනුව කි‍ළිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරි කට්ටිකුඩා ගොවිපළ, කිළිනොච්චි ජයපුරම් උතුර ප්‍රදේශයේ පිහිටි නච්චිකුඩා ගොවිපළ, මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 120 ක ගොවිපළ, මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රදේශයේ වෙල්ලම්පුරම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර හයසියයක ඉඩම යන භූමි කොටස් මෙම සතිය තුළ නිදහස් කිරීමට නියමිතව තිබේ. ජාතික ආරක්ෂාවට බාධා නොවන පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *