ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මේ අතර අද පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස් වෙනු ඇත.

ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරුණි.

එක් එක් දේශපාලන පක්ෂ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දක්වන ස්ථාවරයන් ද සැලකිල්ලට ගනිමින් අදාළ විශේෂඥ කමිටුව සිය වාර්තාව සකස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *