ඉන්ධන මිල යළිත් අඩුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර කළේය.

යුරෝ 4 විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා රුපියල් 125 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 123ක් සහ රුපියල් 149 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වනු ඇත.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 101යේ සිට රුපියල් 99ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 121 සිට රුපියල් 118 දක්වා පහත දමා තිබේ.

තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය.

එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි.

කෙසේ වෙතත් 2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර ඊයේ (10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *