ජනපති ලබන සතියේ පිලිපීනයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ලබන අඟහරුවාදා(15) පස් දින නිල සංචාරයක් වෙනුවෙන් පිලිපීනය බලා පිටත්ව යෑමට නියමිත ය.

පිලිපීන ජනාධිපති රොදි‍්‍රගෝ ඩුටර්ටේ මහතාගේ නිල ආරාධනයකට අනුව සංචාරය සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනු ලැබේ.

දෙරට අතර දේශපාලන , ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහල නංවාලීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වේ.

ලබන බදාදා ද්විපාර්ශ්වික හමුව සිදුවනු ඇත.

ජනාධිපතිතුමා පිලිපීනයේ පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *