මත්ද්‍රව්‍ය මැඩලීමට සාගර බලකායක්

(කොළඹ, ලංකාපුවත්) – මුහුදු මාර්ග ඔස්සේ රට තුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැලැක්වීමට සාගර බලකායක් ආරම්භකරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වීම සදහා සමස්ථ ධිවර ප්‍රජාවම දායක කරගැනීමේ අරමුනෙන් මෙම ජාතික ක්‍රියාන්විතය ආරම්භ කෙරෙනු ඇත.

මේ යටතේ, රට වටා ඇති සියලු තොටුපල සහ ධිවර වරායන් ජාලයක් ලෙස මෙම ජාතික වැඩපිළිවෙල සදහා දායක කරගැනීමට සැලසුම් කර තිබේ .

ධීවර ක්ෂේත්‍රයයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ ප්‍රජා මුලික කළමණාකරණ ක්‍රමවේදය ඔස්සේ දැයේ අනාගත පරපුර මතින් නිදහස් කරගැනීම පිණිස මෙම ක්‍රියාන්විතය සැලසුම් කර තිබේ.

ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප්‍රධානින් පත් කළ වහාම වරාය කළමනාකරණ කම්ටු පිහිටුවා , එම කම්ටු මගින් කළමනාකරණය , ධිවර වරාය සංවර්ධනය සහ මත්දුව්‍ය නිවාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සිදු කරන බව රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

එලෙස රටතුලට විෂ මත්දුව්‍ය රැගෙන ඒම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලිසියට , පොලිස් විශේෂ කාර්ය බලකායට ,ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට සමස්ත ධිවර ප්‍රජාවගේම සහය මෙම වැඩපිළිවෙල ඔස්සේ හිමි කර දීම අරමුණ බවද රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *