පළාත් කිහිපයකට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුළ පවතින බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් වර්ධනය වී තිබේ. මේ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි වාර්තා වී ඇත. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකිය.

දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය නිසා, පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි ඇතිවිය හැකියි. සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති හෙයින්. එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් පවතී. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *