අගමැතිගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – නව ව්‍යවස්ථාවක් රැගෙනවිත්, රට බෙදීමෙන් රජය කටයුතු කරන බවට ඇතැම් දේශපාලනඥයින් නාහිමිවරුන් හමුවී අසත්‍ය පතුරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවැති ජාතික තෛයිපොංගල් උත්සවයට එක්වෙමින් අගමැතිතුමා ඊයේ(13) මේ බව කියා සිටියේය.

උත්සවයට පැමිණි අගමැතිතුමා, අමාත්‍ය මනෝ ගනේෂන්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

ජාතිවාදය වපුරමින්, බොරු ව්‍යවස්ථා බිල්ලෙකු මවාපාමින් රට ගිනි නොතබන ලෙස අදාළ පාර්ශ්වවලින් අගමැතිතුමා මෙහි දී ඉල්ලා සිටියේය. අන්‍යාගමික පූජකයින්, මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ජාතික තෛයිපොංගල් උත්සවයට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *