චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් එහි සිටි කම්කරුවන් 21 දෙනෙක් මියයති.

66 කට අධික පිරිසක් බේරා ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ෂැංෂි පළාතේ ලිජියාගෝ පතලේ වහළය මෙලෙස කඩා වැටී ඇත. ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඉකුත් ඔක්තෝබර් මසදී ෂැංඩොන් පළාතේ සිදුවූ පතල් අනතුරකින් 21 දෙනෙක් මියගියහ.

චීනයෙන් පතල් අනතුරු බහුලව වාර්තා වේ. 2017 වසරේ පතල් අනතුරුවලින් 375 දෙනෙක් මිය ගොස් ඇතැයි ද එරට සංඛයා ලේඛනවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *