වසර දහයක ශක්තිමත් ආණ්ඩුවක් ගැන එජාප මහ ලේකම් කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට සියයට පන්සියයක විශ්වාසයක් ඇති බවයි.

වර්තමානයේ ඇති කකුල් මාට්ටුක වැඩපිළිවෙල වෙනුවට ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් වසර දහයක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවීමේ ශක්තිය එක්සත් ජාතික පෙරමුණට ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

පුළුල් සංවිධානයකින් එම බලය ලබා ගන්නා බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *