‘සේනා‘ බලංගොඩින් මතු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කෘෂි බෝග කිහිපයකට හානි සිදු කරන සේනා දළඹු විශේෂය බලංගොඩ ප්‍රදේශයෙන් ද හමුවී තිබේ. එම කෘෂි බෝග වහාම විනාශ කරන ලෙස කෘෂිකර්ම නිලධාරීන් උපදෙස් ලබා දුන්නේය.

බඩඉරිඟු වගාවට දැඩි හානි සිදු කළ සේනා දළඹු විශේෂය ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට කෘෂි අංශ අනතුරු ඇඟවීම් සිදු කළේය.

බොහෝ ප්‍රදේශවල කෘෂි බෝග පරික්‍ෂා කිරීම නිරන්තරයෙන් සිදු කෙරුණි.

ඒ අනුව බලංගොඩ මහජනපොළ භූමියේ තිබූ බෝග පරික්‍ෂා කිරීමට කෘෂිකර්ම නිලධාරීන් පියවර ගත්තේට. එහි අලෙවි කිරීමට තිබූ බඩඉරිඟු පරික්‍ෂා කිරීමේදී සේනා දළඹුවන් විශාල වශයෙන් දැකගත හැකි විය. ද

ළඹු විශේෂය එම ප්‍රදේශයේ ව්‍යාප්ත වුවහොත් කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදුවීය හැකි බැවින් එම බඩඉරිගු විනාශ කිරීමට පියවර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *