ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ කණ්ඩායමක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැග්‍රේඩ් මහත්මිය අතර හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරේදි පවත්වා ඇත.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය මංගල සමරවිර මහතා සටහන් කරමින් කියා සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරිය සමග පැවති සාකච්ජාව ඵලදායිතාවයෙන් යුක්තවු බවයි.

එහිදි යළිත් වරක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ආරම්භ කිරිම හා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සදහා එළඹෙන පෙබරවාරි මාසයේදී ඉහළ පෙලේ නිළධාරින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එම සටහනෙන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *