උතුරේ තවත් ඉඩම් අක්කර 1200 ක් මුල් අයිතිකරුවන්ට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1200 ක් නිදහස් කරන බව යුධ හමුදාව ප‍්‍රකාශ කරයි.

ලබන සඳුදා(21) වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන පරිදි මුල් පදිංචිකරුවන්ට ඉඩම් ලබාදීම මෙහි අරමුණ වේ. කිලිනොච්චි, මුලතිව්, යාපනය ඇතුලු ප‍්‍රදේශවල ආරක්ෂක අංශ භාවිත කළ සහ ගොවිපොළ පවත්වාගෙන ගිය ඉඩම් යළි ලබාදීම අපේක්ෂාවවී තිබේ.

සුහදත්වය සහ සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය කි‍්‍රයාත්මක බව යුධ හමුදා මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + one =