බ්‍රිතාන්‍ය අගමැතිනියට දෙවන වරටත් විශ්වාසභංගයෙන් ජය

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවන විශ්වාසභංග යෝජනාව ද ජය ගනිමින් ධුරය රැක ගැනීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් වෙයි.

ඇය මෙම ජයග‍්‍රහණය ලැබුවේ ඇය විසින් ඉදිරිපත් කෙරුණු බ්‍රෙක්සිට් යෝජනාව දරුණු ලෙස පරාජය වී පැය 24ක් හෝ ඉක්මයාමට පෙර වීම විශේෂත්වයකි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 306ක් පමණි.

ඊට විරුද්ධව ඡන්ද 325ක් ප‍්‍රකාශ විය. අග‍්‍රාමාත්‍යවරියගේ බ්‍රෙක්සිට් යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ ඇතැම් මන්ත‍්‍රීවරුන් ද අග‍්‍රාමාත්‍යවරිය රැක ගැනීම සඳහා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීම විශේෂත්වයකි.

අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව ඉකුත් දෙසැම්බර් 12 වැනිදා ද විශ්වාසභංග යෝජනාවත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී ඇය ජය ගත්තේ වැඩි ඡන්ද 03කින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − five =