රුපියල් කෝටි 06ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 24ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කරමීන් සිට් පුද්ගලයෙක්ව කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීමක් සිදු කර ඇත.

ඊයේ(16) රාත්‍රී 8.50ට පමණ මාලබේ කඩුවෙල මාර්ගයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල පට්ටිය වත්ත පාරට හැරෙන හංදිය අසලදී, මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වල වටිනාකම රුපියල් හයකෝටි දෙලක්ෂ අසූ අටදහසක් (රුපියල් 60,288,000) අධික වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 53ක් වන අංක 48/26, ඇසල උයන, ඔබේසේකරපුර, රාජගිරිය හා අංක 21/බී, පට්ටියවත්ත, කොතලාවල, කඩුවෙල යන ලිපින වල පදිංචි බුලත්සිංහලගේ රජිත් නිලන්ත කුරේ යන අය වේ.

සැකකරු අද(17) කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයෙ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =