අධ්‍යාපනය, සෞඛ්‍යය යටිතල පහසුකම් ඉක්මනින් සංවර්ධනය කළ යුතුයි – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න පුළුවන් මාර්ගයක් හැකි ඉක්මනින් ඇතිකළ යුතුයි “යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදඅරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මුදල් ඇමති වශයෙන් කටයුතු කරන අවස්ථාවේ රටේ නිෂ්පාදනයෙන් 3.1% යි අධ්‍යාපනයට වෙන්කළේ. මම ධුර කාලය අවසන් වන විට එම අගය 4.8 % දක්වා වර්ධනය කලා. ඒ ආකාරයෙන්ම තවදුරටත් වැඩිවෙලා අධ්‍යාපනය තුළින් ආයෝජනය කරන මුදල් තුළින් මේ රට සීග්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. රටක් සංවර්ධනය කරන්න බැහැ නිකන් බලාගෙන ඉදලා. ඒකට අපි කැපවෙලා මහන්සියෙන් වැඩකළ යුතුයි. ඒ සදහා හොදම උදාහරණය තමයි වසර 71 කට කලින් අපි නිදහස ලබාගන්නා අවස්ථාවේ අපේ රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 48යි. ඒ අවස්ථාවේ ජපානයේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 49 යි. නමුත් දැන් ජපානයේ ඒකපුද්ගල ආදායම 54100 යි. නමුත් දැන් අපේ ඒකපුද්ගල ආදායම 4200. අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකමක් නෙමෙයි. ඕනකමක් නැතිකම “යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 14 =