කොරියානු නවීන තාක්ෂණයෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉහළ නැංවීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පවතින පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කොරියාවේ පවතින නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා පැවති විශේෂ සාකච්ඡාවක් ඊයේ(17) ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය, දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි.

මේ සඳහා කොරියාවේ තේගූ නුවර පිහිටි ඩිගියු හනායි විශ්වවිද්‍යාලය හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිළිබඳව සාකච්ඡා කෙරුණි.

ඩිගියු හනායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යෙන් වෑන් ගුන් හා එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් රැසක් මේ සඳහා සහභාගී විය.

සාකච්ඡාවෙන් අනතුරුව පිරිස නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකට ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *