මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන 8.45 ට යෙදුණු නැකතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.

කොළඹ 07, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට අද පෙරවරු 9ට පමණ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස්, ගාමිණී ලොකුගේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියේය.

මින් පෙර විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය බාර නොදීම හේතුවෙන් එය නීත්‍යානුකූලව හිමිවන තෙක් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 10 =