ඉන්ස්ටග්‍රෑම් හි වැඩිම ‘ලයික්‘ ගත් රූපය

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා පුද්ගලයන් මිලියන 45කට ආසන්න පිරිසක් සිය කැමැත්ත පළ කරමින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ මෙතෙක් වැඩිම පිරිසක් ‘ලයික්’ කළ ඡායාරූපය බවට පත්ව ඇත්තේ දුඹුරු බිත්තරයකි.

මේ තරම් විශාල පිරිසක් මෙම ඡායාරූපයට කැමැත්ත පළ කර ඇත්තේ කිසිදු විශේෂත්වයක් නොමැතිවමය.

බිත්තරයට පෙර මිලියන 18ක කැමැත්ත ලැබූ ඡායාරූපය වූයේ කියිලි ජෙනර් ගේ ඡායාරූපයකි.

සිය පළමු දරු උපත පිළිබඳ දන්වමින් පළ කළ එම ඡායාරූපය අභිබවමින් මෙම ලෝක වාර්තාව තැබූ බිත්තරයේ ඡායාරූපය පළ කර තිබුණේ හඳුනා ගත නොහැකි ඉන්ස්ටග්‍රෑම් ගිණුමකිනි.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *